ඉතින් කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් 2024 අවුරුද්දේ පලවෙනි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉතින් මම ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ, මේක මගේ 450 වෙනි උපසිරැසිය, ඉතින් මේ වෙනකන් මාත් එක්ක හිටිය මගේ සිනෙරු කාණ්ඩායමේ සිරිමත් (අංජුල) මල්ලිට, සමිත අයියාට, උචිනි අක්කාට, මදුශාන් මල්ලිට, සචිත් මල්ලිට වගේම කණ්ඩායමේ අනිත් සාමාජිකයෝ හැමෝටම විශේෂයෙන්ම ස්තූති කරන්න ඔනේ, ඉතින් මම රන්ඩු කෙක්ක වගේ මේ ටික එක්ක රන්ඩු වෙලා, හිනා වෙලා, 450කටම උපසිරැසි දෙන්න පුළුවන් අවුරුදු තුනක ගමනක් ආවා, විශේෂයෙන්ම මේ වෙනකන් මගේ උපසිරැසි එක්ක ඩ්‍රාමා, ෆිල්ම් බලපු ඔයාලා හැමෝටමත් ස්තුතියි, ඉතින් ඉස්සරහටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තුවෙන් මම කතාව පැත්තට හැරෙන්නම්කෝ…
මුලින්ම කියන්න ඔනේ මේක Concrete utopia universe එකේ තුන්වෙනි Project එක, මුලින්ම ආවේ Bargain සීරීස් එක, ඊට පස්සෙ Concrete Utopia. ඔක්කොම Based වෙන්නෙ Earthquake එකක්, ස්ටොරි වල නම් සම්බන්ධයක් නැහැ…
ඉතින් අපි හැමෝම වගේ ආස නළුවෙක් තමයි දොන්-ලී නැත්නම් මා දොංග්-සොක් කියන්නේ, ඉතින් ප්‍රබල භූමිකම්පාවක් මුළු සෝල් නගරය මුඩු බිමක් වෙලා යනවා, ජිවිත බේරගත්ත අය ස්වභාවධර්මයේ තර්ජන වලට විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ තර්ජන වලටත් අහුවෙලා ජිවත් වෙනවා, ඉතින් මේ මුඩු බිමේ දඩයම්කාරයෙක් විදියට නම්-සන් (Don Lee/Ma Dong Seok) ජිවත් වෙනවා, ඉතින් මේ නම්-සන් ජිවත් වෙන්නෙ තව පිරිමි ලමයෙක් එක්ක ඒ තමයි චෝයි ජි-වන් (Lee Jun Young) ප්‍රබල භූමිකම්පාවෙන් තමන්ගේ දුවව ආරක්ෂා කරගන්න බැරි වුන නම්-සන් භූමිකම්පාවෙන් ජිවිතේ බේරගත්ත සු-නා (Roh Jeong Eui) කියලා ලමයෙක්ව ආරක්ෂා කරනවා, ඉතින් දවසක් මේ මුඩු බිමේ මහල් නිවාසයක් තියනවා, එකට අවුරුදු 18 ලමයින් විතරක් එක්කගෙන යනවා කියලා සු-නාව එක්කගෙන යන්න කට්ටියක් එනවා, ඉතින් එහෙනම් අපි ඉතුරු ටික කතාව බලලාම දැනගමුකෝ…